ලාංකිකයින්ගේ වැටුප් වැඩිකර ගැනීමේ උත්සාහයක්



කොරියානු රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රජයේ අවධානය යොමවී ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වනවිටක් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ප්‍රකාශකයා කීය.

මේ සම්බන්ධයෙන් කොරියානු බලධාරීන් සමඟ ඉදිරි සති කිහිපය තුළ මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර ධීවර, නිෂ්පාදන අංශවල වැටුප් වැඩි කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු වනු ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS