ලාංකික සේවිකාව වසර 13කට පසුව වැටුප් ලබයි



වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ  ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමිවිය යුතුව තිබූ රුපියල් තිස් හය ලක්ෂයකට ආසන්න හිඟ වැටුප් ( ඕමාන රියාල් 9130 ක් )මුදල අදාළ හාම්පුතු ගෙන් අය කර ගැනීමට  ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත.

මෙලෙස හිඟ වැටුප් හිමිව ඇත්තේ් පානදුර මොරවින්න පදිංචිකාරියක වන නාලනී ප‍්‍රනාන්දු නම් හැට හැවිරිදි දෙදරු මවකටය.

මෙම කාන්තාව 2001 වසරේ දී  ඕමානයේ මස්කට් නුවරට සිට කිලෝමීටර් 300කට ඈතින් පිහිටි ජාලන් බානි නැමති ප‍්‍රදේශයේ  ඕමාන ජාතික හාම්පුතාගේ  නිවසේ සේවය සඳහා පැමිණ ඇත.

එම  ඕමාන ජාතික හාම්පුතු සිය බිරිඳ සහ දරුවන් සමඟ මෙම ලාංකික ගෘහසේවිකාව සිය නිවසේ නවත්වා වෙනත් රටකට ගොස් ඇති බවත් ,එම හාම්පුතු පොරොන්දු වූ පරිදි මෙම ලාංකික සේවිකාවට හිමි මාසික වැටුප ගෙවා නොමැති බව සිය ඒජන්තකරුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට  තොරතුරු ලැබුණු බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එසේම මෙම කාන්තාව 2015 වසරේ ජූලි මාසයේ  ඕමාන පොලීසිය හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැකවරණ බාරයට පත්වන තෙක්ම වැටුප් නොලබා අවුරුදු 13කට වැඩි කාලයක් සේවය කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුරක්ෂා නිවසේ රැුකවල් භාරයට පත් මෙම කාන්තාව වෙනුවෙන් වහා මැදිහත්වූ  ඕමානයේ ශ්‍රී ලංකා තානාපති එම්.කේ.පත්මනාදන් මහතා ,ප‍්‍රධාන තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම කාන්තාවට හිමි වැටුප් යළි ලබා ගැනීම වෙනුවෙන් අදාළ හාම්පුතුට එරෙහිව ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී එරට ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.

ඕමාන අධිකරණය හමුවේ ගොනු කළ මෙම පැමිණිල්ල විභාගයේදී නොමිලේ නීති සහාය අදාළ කාන්තාවට හිමිවූ අතරම ඇයට වැටුප් නොගෙවූ බවට හාම්පුතු සිය වරද පිළිගත් බවද ,ඔහු  මාස තුනකට ආසන්න කාලයක් එරට රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවද එම තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලංකාදීපයට වැඩිදුරටත් කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS