ලාංකික ශ්‍රමිකයන් 63 කට කොරෝනා



කොරෝනා වයිරස් ව්‍යාප්තිය පවතින පසුගිය මාසය කිහිපයයේ සිට මේ දක්වා එම වයිරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග කලාපය ඇතුලු රටවල් කිහිපයක සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 63 දෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසීය.

ඒ අනුව ඉකුත් මාර්ත මාසයේ සිට මේ දක්වා කාලය තුල මෙම විදෙස්ගත ලාංකිකයින් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවද කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කියා සිටියේය.

මින් වැඩි දෙනෙකු  මිය ගොස් ඇත්තේ සෞදි අරාබියේ වන අතර එරට සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයින් තිහකට ආසන්න පිරිසක් එම වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයිද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් කීය.

ජීවිතක්ෂයට පත් වූ සෙසු ශ්‍රමිකයින් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, ඕමාන්, බහරේන් ඇතුලු මැදපෙරදිග කලාපීය රටවල් හී සේවයේ නිරතව සිටියදී ජීවතක්ෂයට පත් වූවන් වන බවද ඒ මහතා කීය.

මේ අතර කොරෝනා ආසාදනය වී විදේශයන් සේවයේ නියුතුව සිටියදී  මියගිය පුද්ගලයින් සදහා ලක්ෂ 5 ක වන්දියක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක අතර ඒ යටතේ මියගිය පුද්ගලයින්ගේ සමිපතයින්ට එම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කීය.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2600 ක් සිටින අතර මෙම පිරිස සම්බන්ධයෙන් ඒ ඒ රටවල තිබෙන එක් එක් තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල විශේෂ අවධානය යොමු කරමින් සිටින බවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා කියා සිටියේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS