ලාංකික විගමණික ශ්‍රමිකයින්ට නව තීරුබදු සහන



විදෙස් රටවල සිට යළි මෙරටට පැමිණෙන ලාංකික විගමණික ශ්‍රමිකයින්ට නව තීරුබදු සහන හිමිවී ඇතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටී.

ඒ අනුව විගමණික ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් නිදන කාමර කට්ටල ඇතුළු තව ත් භාණ්ඩ රැසක් සඳහා තීරුබදු සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

වසරක පමණ කාලයක් විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා එම සහනය හිමිවන බව ය.

නව තීරු බදු සහන හිමිව ඇති භාණ්ඩ අතර නාන කාමර කට්ටල, පරිගණක, සූර්යය පැනල, සූර්යය ශක්ති කෝෂ සහ තව ත් භාණ්ඩ කිහිපයක් ඒ අතර වේ.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS