ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට අනතුරක් නෑ



බටහිර ලන්ඩනයේ, උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (14) ඇතිවූ ඇතිවූ ගිනි ගැනීමේ සිද්ධියෙන්  ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටවත් අනතුරක් සිදුව නැති නමුත් යම් සහාය වීමක් අවශ්‍ය ලාංකිකයින් වෙතොත් 0044 / 7466779693 යන දුරකතන අංකයෙන්   ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක පී .ප්‍රනාන්දු මහතා හෝ 0044 / 7538200462 යන දුරකතන අංකයෙන් එහි තෙවැනි ලේකම් වී.වින්සේනද්‍රරාජන්   මහතා ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ කටයුතු අමාතයාංශය කියා සිටී.

එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටින්නේද යන්න පිළිබඳව සොයා බල්නනැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබූ අතර ඒ අනුව එම ගින්නෙන් ජීවිතක්ෂයට හා තුවාල ලැබූවන් අතර ලාංකිකයින් නොවන බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (14) පස්වරුවේ නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා තිබේ

ඊයේ (14) අළුයම මහල් 27 කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ශ්‍රී ලංකා වේලාවේන් ඊයේ (14) රාත්‍රිය වනවිටත් එම ගින්න නිවා දැමීම සඳහා බ්‍රිතාන්‍ය ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊයේ සවස වන විට මෙම අනතුරෙන් පුද්ගලයින් 6 ක් මිය ගොස් තවත් 60 ක් තුවාල ලබා තිබූ අතර එම සංඛ්‍යාව ඉහළ යා හැකි බව එරට බලධාරීහු පවසති.

ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS