ලක් රජයට එරෙහිව චෙන්නායිහිදී විරෝධතා



ශ්‍රී ලංකා රජයට එරෙහිව චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

තමිල්නාඩු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

යුධමය වාතාවරණය පැවැති සමයේ ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදු කර ඇති බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ලංකා රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉන්දීය රජය පියවර ගත යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී ඇත.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS