ලංකාවේ ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇගවීමක්



දැඩි නියඟය සහ ඉන් පසුව ඇති වූ දැඩි වර්ෂාව හේතුවෙන් මෙරට වගා බිම් රැසක් විනාශ වීම නිසා නව ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් ආහාර සුරක්ෂිතතාව පිළිබද අවදානමකට ලක්ව ඇති බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තාවක් ගොනුකරමින් පෙන්වා දෙන්නේ 2017 වසරේ මෙරට සමස්ත වී අස්වැන්න ටොන් මිලියන 2 යි දශම 7 ක් පමණ වනු ඇති බවයි.

එය පසුගිය වසරේ අස්වැන්නෙන් සියයට 40 ක පහත වැටීමක් වන අතර පසුගිය පස්වසර තුළ සාමාන්‍යයට වඩා සියයට 35 ක පහත වැටීමක්. යළ කන්නයේ අස්වැන්න ද පසුගිය වසරට වඩා සියයට 24 කින් පහත වැටෙනු ඇති බව එමගින් අනුමාන කරනවා.

මේ නිසා ආහාර අනාරක්ෂිතභාවය අවම කිරීම සදහා ගොවීන්ට සහාය වීම අත්‍යාවශ්‍ය බවයි ජගත් සංවිධාන නියෝජිතායතන පෙන්වා දෙන්නේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS