ලංකාවෙන් ගිය බ්‍රිතාන්‍ය තරුණයා කි දේ



ලොව පුරා රටවල් 202 ක කොරෝනා වයිරසය පැතිරීමෙන් ලොව පුරා සංචාරයේ නිරත සංචාරකයින් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ  සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු එවැනි වසංගත තත්ත්වයක් හමුවේ මෙරට බලධාරීන්  ක්‍රියාකල අන්දමින් ප්‍රශංසනීය ලෙස ඇගයූ අයුරු බ්‍රිතාන්‍යයේ බී.බී.සී ප්‍රවෘත්ති විකාශයේදී සිදු විඛි.

බී.බී.සී පුවත්සේවය සමඟ සිය අදහස් පළකරමින් පවසා ඇත්තේ නව කොරෝනා වෛරසය මර්දනයට ශ්‍රී ලංකාව සතුටුදායක පියවර ගෙන පවතින බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ග්‍රැහැම් ඇබෝර්ට් මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

"ශ්‍රී ලංකාව තුළදී අපි සෞඛ්‍ය ආරක්ෂිත ඉල්ලුම්පත්‍ර, උෂ්ණත්වය පරීක්ෂාකිරීම් වගේම සියලුදෙනා අත්ආවරණ සහ මුඛ ආවරණ පැළඳ සිටියා. නමුත් හීත්‍රෝවලදි කිව්වේ දෙදෙනෙකු අතර පරතරය තියාගෙන ඉන්න කියලා විතරයි. 

උදාහරණයක් ලෙස ආගමන විගමන නිලධාරින් මගේ ගමන් බලපත්‍රය ගනිද්දි අත්ආවරණවත් පැළඳ සිටියේ නැහැ. ලොකු වෙනසක් දැනුණා."

ඔබට වඩාත් විශ්වාසයක් දැනුනේ කොහේදීද? 

"ශ්‍රී ලංකාවේ දී තමයි, අපි කොළඹ වෙත ළඟාවෙද්දීම ඔවුන් සියලුදේටම සූදානම්වෙලා හිටියේ. ශරීරිය වගේම උෂ්ණත්ව පරික්ෂාවන් සිදුකරන ක්‍රමවේදයන් ඔවුන් සියල්ලටම සූදානම් වෙලා."

මේ අතර අද විට ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වන විට ආසාදිතයන් 117 දෙනකු මෙරට තුළදී හඳුනා ගෙන තිබෙන අතර ඉන් 11 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටිති.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS