ලංකාවට ඔබ්බෙන් තෙල් නැවක ගින්නක්



නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් ගමන් කරමින් තෙල් ප්‍රවහනය කරන නෞකාවක හටගත් ගින්න නිවීමට සහාය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ නෞකා තුනක් පිටත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් ෂවුර්යා, සරාන්ග් සහ සමුද්‍රා පෙහෙරීදාර් යන නෞකා තුන එලෙස පිටත් කර ඇතැයි ද මෙම මුදාගැනීමේ සහ නෞකාවේ ඇති ව තිබෙන ගින්න නිවීම සඳහා ගුවන් යානයක් ද පිටත් කර ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී පුවත් සේවය වාර්තා කර තිබිණි.

මෙලෙස මෙරට මුහුදට ඔබ්බෙන් අද (3) පස්වරු වනවිටත් ගිනිගනිමින් තිබූ මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

නිව් ඩයමන්ඩ් යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ නෞකා සහ ගුවන් යානයක් මෙලෙස ගින්න නිවීමටත් මුදා ගැනීමේ මෙහෙයුමටත් සහාය වීම සඳහා පැමිණ තිබේ. 

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප - එයාර් ෆෝස් මීඩියා

RECOMMEND POSTS