ලංකාව සමඟ රුපියල්වලින් ගනුදෙනු කරනවා: ඉරානය



ඇමෙරිකානු සම්බාධන හමුවේ ශ්‍රි ලංකාව සමඟ ගනදෙනු  කිරීමේදී රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉරානය සුදානම් බව දැනුම් දී ඇතැයි විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා වෘත්තීය පුහුණු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව දැනුම් දී තිබේ.

ඉරානය ශ්‍රි ලංකාවට ඉන්ධන සපයන ප්‍රධාන රටක් වන අතර ඇමෙරිකාව ඉරානයට එරෙහිව මේ වනවිට සම්බාධක පනවා ඇත.

මේ තත්ත්වය තුළ ඉරානය ශ්‍රි ලංකාව සමඟ වෙළඳ කටයුතු ඉදිරියට කරගෙන යෑමට සුදානම් බවත් එහිදී ජාත්‍යන්තර මුදල් ඒකකය ලෙස ශ්‍රි ලංකා රුපියල පිළිගැනීමට ඉරානය එකඟ බව දැනුම් දී ඇති බවත් අමුණුගම ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මංගල සමරවීර , ආචාර්ය සරත් අමුණුගම, අර්ජුන රණතුංග සහ තිලක් මාරපන යන  ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත.


RECOMMEND POSTS