ලංකාව යළිත් සෝදිසියට



යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළු කරුණු ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව අද (15) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමාලෝචනයට ලක් කරනු ලැබීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව කාලාවර්ත සමාලෝචන (Universal Periodic Review - UPR) ක්‍රියාකාරී කණ්ඩායම විසින් ජිනීවා නුවරදී අදාළ විමර්ශනය පවත්වන බව මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වින්දිතයන් සහ නෑදෑයන්ට වන්දි ගෙවීම සහ ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, සත්‍ය කොමිසමක් පිහිටුවීම පිණිස ගෙන තිබෙන පියවර, සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය පසිඳලීමේ ක්‍රමවලට සමාන ප්‍රවේශයක් ලබාදීම, වධ හිංසා සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා, වැඩිහිටියන් අතර සමරිසි සම්බන්ධතා අපරාධ ලෙස නොසැලකීම පිණිස ගෙන තිබෙන පියවර, ආගමික සුළුතර ප්‍රජාවේ ආරක්ෂාව පිණිස ගත් පියවර, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම පිණිස ගත් පියවර මෙන්ම මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳව ද අදාළ විමර්ශනයේ දී සලකා බැලෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS