රුසියානු විදෙස් ඇමැති ලංකාවට



රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ලබන ජනවාරියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර ඇත.
මේ බව වාර්තා කර ඇත්තේ රුසියාවේ ටාස් පුවත් සේවයයි.

ලැව්රෝව් ලබන ජනවාරි 14 සහ 15 දෙදින ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද සංචාරය කරනු ඇතැයි පැවැසෙයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝජනය කරමින් ලැව්රෝෆ් මෙරටට පැමිණෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටය. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සර්ගේ ලැව්රෝෆ්ගේ මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි රුසියන් පුවත් සේවා පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS