රත්තරන් හොරෙන් ගෙනා ලාංකිකයා දැලේ



ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගුවනින් නීතිවිරෝධී ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක් වටිනා රත්රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එරට රේගු නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන ඇතැයි ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කළේය.

මෙලෙස අත්ඩංගුවට පත්ව ඇත්තේ මොහොමඩ් සුෆියාන් නිසාම්ඩීන් නැමැති හතලිස් තුන් හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකි. මහනුවර ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන මොහු රෙදිපිළි විකිණීමේ නිරත ව්‍යාපාරිකයෙකු වේ.

අදාළ නීතිවිරෝධි රත්රන් තොගය රැගත් මෙම සැකකාර ලාංකිකයා 11 රාත්‍රියේදී කටුනායකයින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයත් ගුවන් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර පසුව මුම්බායි ගුවන්තොටුපලේදී  රේගු අංශ විසින් සිදු කළ ස්කෑන් පරීක්ෂාවන් හිදී ග්‍රෑම් 500ක් බරැති රන් පොලු සිය දෙපයෙහි දා තිබූ සපත්තු තුළ සඟවා ගෙන සිටියදී හමුවී ඇතැයිද එම හින්දු වාර්තාවේ සඳහන් වේ.

එම රන් තොගය ඔහුගේ සපත්තුවේ සෑදූ විශේෂ කුහර තුළ සඟවා තිබූ බවද වාර්තා වේ. සැකකාර ලාංකිකයා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මුම්බායි පෙලීසිය වෙත බාර දී ඇත.

මොහු කාලයක් තිස්සේ මෙලෙස ලංකාව හා ඉන්දියාව අතර රන් ජාවාරම් වල නිරතව සිටි අයෙකු වන අතර මෙවැනි ජාවාරම නිරත වීම සම්බන්ධයෙන් ඉකුත් මාසයේදී ඉන්දීය බලදාරීන්ගේ අත්ඩංගුවට පත්ව අදාළ දඩ මුදල් ගෙවීමෙන් පසුව නිදහස් වූවෙකුද බැව් හින්දු වාර්තාවේ සඳහන්වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS