රටවල් කිහිපයකින් ඉල්ලීමක්



ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත.

මෙරට ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා  සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර ඇත.

එම රටවල තානාපතිවරුන් නිකුත් කල එම  නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ  සියලු පාර්ශව  ගැටුම් වළක්වාලමින් ආයතනික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි.

 එම රටවල් ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරුන් ඊයේ (27) පස්වරුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත විය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS