රජය සහ ජනතාව අතර සහයෝගීතාව පෙන්වන්න



මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂ්න් ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය යැයි මෙරට පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂ්න්  හෙවත් එම්.සී.සී ගිවිසුම පිළබඳ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව , ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇත.එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙන ඇත.

එම සමාලෝචන කාලය තුළ  ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇත.මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මඟින් ශ්‍රී ලාංකිකයින් මිලියන 11කට අධික සංඛ්‍යාවක් සෘජු ප්‍රතිලාභ ලබන අතර ආර්ථික වර්ධණය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇත.

ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම.සී.සී ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යවේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS