යුරෝපා නියෝජිතයෝ ඇවිල්ලා



යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඊයේ (04) දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලය පවසයි.

ජි.එස්.පි.ප්ලස් සහනය තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පිරිස මෙරටට පැමිණ සිටින බව ද වාර්තා වේ.

මෙලෙස පැමිණි පිරිස අතර යුරෝපා සංගමයේ දකුණු ආසියා කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතවරයකු වන සජාද් කරීම් ,ජැන් සහ්රාහ්දිල් , පෝල් රියුබිග් , ඬේවිඞ් මාර්ටින්, ටිසිනීයා බිග්හින් ,ෆ්‍රාන්ස් ඔබේර්මයාර් යන මහත්වරුන් ඇතුළත් වෙති.

හෙට (06) තෙක් මෙරට රැදී සිටින එම යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිස අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

මීට අමතරව මොවුන් මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ නියැළි ව්‍යාපාරිකයන් සහ සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් සමග ද කොළඹ දී සාකච්ඡා පැවැත්විණි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවට ජි.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුවේ මැදිහත් වීමෙන් තීරණය කෙරුණි.

(තිළිණි ද සිල්වා)

 

 


RECOMMEND POSTS