මුලා නොවන්න



නීතිවිරෝධී ලෙස බෝට්ටු වලින්   ඕස්ටේ‍්‍රලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරන ප‍්‍රචාර සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන ව්‍යාජ වෙළඳ දැන්වීම් වලට මුලා නොවන්නැයි ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හචිසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගිය සිව් වසර තුළ නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙන පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කළ බව ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස්  බ‍්‍රයිස් හචිසන් වැඩිදුරටත් පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව දේශසීමා ආරක්ෂාව තර කර ඇති බැවින් ශ‍්‍රී ලංකිකයන් මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණීම තම  ජීවිත අනතුරට පත්කර ගැනීමක් බවත් , කලාපීය රටවල් හවුල්කර ගනිමින් මෙවැනි මිනිස් ජාවාරම් නැවැත්වීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස්වරයා පෙන්වා දේ.

පසුගිය අවුරුදු පහ තුළ   ඕස්ටේලියානු ආධාර ඇතිව ජාත්‍යන්තර බලධාරීන් විසින්  බෝට්ටු වලින් එරටට සංක‍්‍රමණය වීමේ සිද්ධී 78 ක් නවතා , 2525 දෙනෙකගේ නීති විරෝධී පැමිණීම වළක්වා ඇති අතර 614 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

2013 සිට  ඕස්ටේ‍්‍රලියාවේ දේශ සීමා ආරක්ෂක විධි විධාන තදින් ක‍්‍රියාත්මක වන අතර මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණි 827ක්  ආපසු හරවා යවා ඇති අතර  ඒ අතර ශ‍්‍රී ලාංකිකියන් 166 ක් සිටින බව ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS