මුදල් වංචා කරලා



ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශය සඳහන් කර සිටී.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප්‍රසිඩස් ප්‍රනාන්දු නැමැත්තියකි.

ඉරාකයේ ඇමරිකා කඳවුරු වල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පවසමින් මෙම සැකකරු විසින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන්  රු.50,000.00 බැගින් අත්තිකාරම් මුදලක් ලබා ගෙන තිබේ.

සැකකරු පැවසූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් එලෙෂ අත්තිකාරම් මුදල් ලබා දුන් පුද්ගලයෙකු විසින් සැකකරුට එරෙහිව කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී අදාල ඇය ලියාපදිංචි බලපත්‍රලාභියෙකු  නොවන බවද අනාවරණය විය. පසුව මෙම සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබූ අතර  බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 05 ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබ ඇත.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි පොලීස් පරීක්ෂක ඩබ්.ඒ.බාලසුරිය මහතා, නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී කුමාරසිංහ මහතා කාර්යාංශ නිළධාරී පුලස්ති රාජපක්ෂ යන නිළධාරීන් එක්වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS