මුදල් නොලැබුණොත් ආර්ථිකය අඩාලයි



විදේශගත ශ්‍රමිකයින් එක් මාසයක් පමණක් රටට මුදල් එවීම නතර කළහොත් රටේ ආර්ථිකය නතර වනු ඇතැයි එතෙර අපි සංවිධානය කියයි.

එසේ තිබියදීත්  ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් මත බදු අයකිරීමට ගෙන ඇතිතීරණය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව එතෙර අපි සංවිධානයේ භාණ්ඩාගාරික ජානක අධිකාරි මහතා මැදපෙරදිග ලංකාදිපයට පැවැසීය.

නව දේශිය ආදායම් පනත මඟින් මෙතෙක් කල් ඔවුන්ට ලැබුණු සියලුම බදු සහන අහෝසි කොට ඇතැයි කී ඒ මහතා වෘත්තිකයින් උපයන ආදායම මත බදු අයකරගත යුතු යැයි මේ බදු පනතේ විශේෂයෙන් සඳහන් කර ඇතැයි ද කීය.

යුරෝපයේ බොහෝ රටවල අපේ රටේ වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් සේවය කරන බවත්  ඔවුන්ට බදු සහන දී දිරි ගන්වනවා වෙනුවට ඔවුන් අධෛර්යයට පත්කරන බදු පනවන්න ආණ්ඩුව කටයුතු කර ඇතැයි අධිකාරි මහතා කීය.

එසේ කරන ආණ්ඩුව විදේශිකයින් මෙරටට පැමිණ සේවය කොට විදෙස් මුදලින් ලබන වැටුප ආදායම් බද්දෙන් නිදහස් කොට ඔවුන්ට සහන ලබාදී තිබීම කණගාටුවට කරුණකැයි ද හෙතෙම සඳහන් කළේය.

හරිනම් ආන්ඩුව කළ යුත්තේ විදේශ ගත වූ වෘත්තිකයින් ගෙන්වා ඔවුන්ට සහන ලබාදීමයැයි පැවසූ එතෙර අපි භාණ්ඩාගාරිකවරයා නමුත් ආණ්ඩුව කරන්නේ විදේශිකයින්ට බදු සහන ලබාදීම බව ද පැවැසීය. මේ පනත විහිළුවක් යැයි තමන් පවසන්නේ මේ නිසා යැයි ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS