මිලියන 251.4 ක ණයක් ශ්‍රී ලංකාවට



දීර්ඝ කරන ලද ණය අරමුදලේ තෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ඉකුත් වසරේ ජූනි මාසයේදී මාස 36ක් කාලයක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර එහි පළමු වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීද දෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක මුදලක් පසුගිය ජූලි මාසයේදීද ශ්‍රී ලංකාවට හිමිවිය. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.

තෙවැනි ණය වාරිකය ලබාදීම සලකා බැලීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS