මිලියන 105 ක වෛද්‍ය උපකරණ



ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත.
 
ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සදහන් කරයි.
 
එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි. 

 
පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System විය.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔිස්ට්‍රෙිලියානු මහ කොමසාරිස් Victoria Coakley මහත්මිය,
අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ නිලධාරීන්  ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS