මැලේසියාවේදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ



මැලේසියාවේ පැඩන්ග් බ්ලූ ප‍්‍රදේශයේ තිබී ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් එරට පොලිසියට හමුවී තිිබේ.

ඔහු පහර දීමකින් මරණයට පත්වී ඇති බව මේ පිළිබදව කළ මූලික පරික්ෂණ වලින් හෙළිවී ඇතැයි මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 හතලිස් නව හැවිරිදි මෙම තැනැත්තා ගේ මරණය පිළීබදව ඔහුගේ මිතුරන් වන 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු හා 30 හැවිරිදි ඉන්දීයානුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම මරණය පිළීබ`දව ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවත් එම මාධ්‍ය වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.  

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS