මැලේසියාවෙන් 272 ක් එනවා



මැලේසියාවේ අතරමං වි සිටි ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු ගුවනින් දිවයිනට යැවූ බව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

දිවයිනට පිටත් කර යැවූ මෙම ලාංකිකයින් පිරිස අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අතරමංව සිටි ශ්‍රමිකයන් 149 දෙනෙකු, ශිෂ්‍ය ශිෂාවන් 64 දෙනෙකු සහ සංචාරක වීසා මත එරට කෙටි සංචාරවල නියැළුණු 59 දෙනෙකු අයත් වූ බව ද ශ්‍රී ලංකා මහකොමාරිස් කාර්යාලය කියා සිටී.

අතරමං වූ මෙම ලාංකිකයින් සොයා ,යළි ලංකාවට පිටත් කොට යැවීම සදහා එරට රාජකීය මැලේසියානු පොලීසිය සහ මැලේසියාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහාය දැක්වූ බවත් , ඒ ප්‍රයත්නය වෙනුවෙන් දැක්වූ දායකත්වයට ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අදාළ මැලේසියානු බලධාරීන්ට ස්තූතිය පළ කරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

විදේශ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සහයෝගයෙන් මෙම ලාංකිකයින් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත.

( තිළිණි ද සිල්වා )‍‍


RECOMMEND POSTS