මැදපෙරදිගින් තේවලට ඉල්ලුමක්



මේ සතියේ කොළඹදී  පැවැති තේ වෙන්දේසියේදී, මැදපෙරදිග කලාපයේ රටවලින් ඉහළ ඉල්ලුමක් පැවතිණි.

ඒ අනුව ඩුබායි, ලිබියාව, කුවේට් සහ සෞදි අරාබිය යන රටවලින් මෙවර කොළඹ තේ වෙන්දේසියේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් හිමි වු බව එම වෙන්දේසියේ තැරැව්කාර සමාගම් සඳහන් කර සිටී.

මීට අමතරව තුර්කිය, රුසියාව ,පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් වලින් මෙරට තේ නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ලැබුණු බව සඳහන් වේ.

මෙවර තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 7.5ක් ඉදිරිපත් වූ අතර, අඩු ප්‍රමිතියෙන් යුත් බී. ඕ.පී. සහ බී. ඕ.පී.එෆ් වර්ගවල තේ කිලෝග්‍රෑමයක් සඳහා මිල රුපියල් 20කින් පමණ පහත වැටීම විශේෂත්වයක්.කෙසේ නමුත්, සී.ටී.සී. තේ වර්ග ඇතුළු පහතරට තේ වර්ග වලට ඉහළ ඉල්ලුමක් පැවති අතර, එම තේ නිෂ්පාදන කිලෝග්‍රෑම් මිලියන 3.7ක් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු බව සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS