මාලදිවයින ගැන විමසිල්ලෙන්



මාලදිවයිනේ වර්ධනය වෙමින් පවත්නා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නීතියේ ආධිපත්‍යට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස මෙන්ම වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට සාමකාමි විසඳුමක් සොයා ගන්නා ලෙසට සියලු පාර්ශවවලින් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ත්‍රස්ත චෝදනා මත 2015 වසරේ සිට දඬුවම් නියම කර සිටි මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කිරීමෙන් පසු මාලදිවයින තුළ නව දේශපාලනික තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

( තිළිණි  ද සිල්වා )


RECOMMEND POSTS