මහ බැංකුවේ සේවකයකුට කොරෝනා



ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ බව අනාවරණය වූ විගස වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා පියවර ගත් බව ද එම බැංකුව කියයි.

මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කළ බවත් වයිරස ආසාදිතයාගේ සමීපතමයන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම පරීක්ෂණවලට අනුව වෙනත් කිසිදු නිලධාරියකුට වයිරසය ආසාදනය වී නැතැයි ද එම බැංකුව කියයි.

කෙසේ නමුත් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස වයිරස ආසාදිතයා හමු වූ දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා නොවැම්බර් 20 වැනිදා සිට සති දෙකක කාලයක් යනතුරු නිවසේ සිට සේවා සපයන එම බැංකුව කියයි.


RECOMMEND POSTS