මව්ලානා රිලා සෞදියේදී කොටුවෙයි



ශ්‍රී ලංකාවේ දේවස්ථාන , හෝටල් ඇතුළු ස්ථාන අටක් ඉලක්ක කරගනිමින් ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන හා අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෙකු වන  සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

මෙලෙස මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්රීි ලංකාවේ ප්රනහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරින් වෙත කළ දැනුම් දීමකින් පසුව යැයි ද එම හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කරන පරිදි සහරාන්ගේ මස්සිනා වන එම සැකකරු සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන නමකින් පෙනී සිටිමිනි.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රහාරය තම මෙහෙයුමක් බවට අයි.එස්.සංවිධානය ප්‍රකාශ කිරීටෙමන් පසුව  අතර, ඉන්දියාව ද තම රටේ අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන දැන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එම ත්‍රස්ත ක්‍රියාකාරකම් හා සම්බන්ධතා ඇත්දැයි යන්න සෙවීම සඳහා ඉන්දීය බලධාරීන් කණ්ඩායමක් සෞදි අරාබියට යැවීමටද ඉන්දීය ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS