බෝරා සමුළුව කොළඹදී



ලෝකය පුරා සිටින ඩාවුදි බෝරා ප්‍රජාවේ ‘අෂරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුව සඳහා 21000ක බෝරා ජාතිකයින් පිරිසක් ලබන 01 වැනිදා සිට පුරා දින දහයක් කොළඹ රැදී සිටින බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම අගාමික සමුළුව එම ප්‍රජාවගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයිද්නා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ  ප්රධානත්වයෙන් බම්බලපිටිය මුහුදු මාවතේ ( මැරයින් ඩ්‍රයිව් ) හි පිහිටි ප්‍රධාන ඩාවුදි බෝරා පල්ලිය කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වෙනු ඇත.

මේ සමුළුව සදහා මෙරටට පැමිණෙන 21000ක් පමණවන බෝරා ආගමිකයින්  සඳහා මේවන විටත් ගල්කිස්ස ,කොළඹ සහ මීගමුව දක්වා ප්‍රදේශයන් හි තිබෙන ප්‍රධාන පෙළේ සියළුම හෝටල් 100ක ,  කාමර 3000ක් පමණ ඔවුන් වෙන් කරගෙන ඇති බවත් , මීට අමතරව එම ප්‍රදේශවලින් සුඛෝපභෝගී තට්ටු නිවාසද වෙන් කරවා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

එමඟින් සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ක ආදායකමක් උපයාගත හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කීය.

එසේම අතිවිශාල පිරිසක් පැමිණෙන මෙම සමුළුව ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී හා ආහාර නාස්තිය අවම ලෙසින් පැවැත්වෙන බවද කොළඹ ප්‍රධාන බෝරා පල්ලිය සඳහන් කර සිටී.

සමුළුවට ශ්‍රී ලංකාව , ඕස්ටේරලියාව, බහරේනය, බංග්ලාදේශය, කැනඩාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ජපානය, කෙන්යාව, කුවේට්, මැලේසියාව, මියන්මාරය, නෙදර්ලන්තය, නෝර්වේ, ඕමානය, පාකිස්තානය , පෘතුගාලය, කටාර්, සවුදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්යය, උගන්ඩාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල් වල සිටින ඩාවුදි බෝරාවරුන් පැමිණෙති.

මෙම අගාමික සමළුුව විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති  මීට පෙර 2009 වර්ෂයේද ලංකාවේ මෙවැනිම බෝරා ආගමික සමුළුවක් පවත්වනු ලැබිණි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS