බ්‍රිතාන්‍යයේ තෙවැනි ලාංකිකයාත් මියයයි



කොරෝනා වයිරසය ආසාදනය වීමෙක්  බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ගාල්ලගේ නැමැති පුද්ගලයෙකි. මොහු කොරෝනා ⁣වයිරසය ආසාදනය වී සිය නිවසේම

ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ස්වසන අපහසුතා හේතුවෙන් සිය නිවසේ කාමරය තුලදීම අවාසනාවන්ත ලෙසික් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

කොරොනා අසාදනයෙන් මිය ගිය තෙවැනි ලාංකිකයා මොහු වේ.මියගිය අනුර ගාල්ලගේ මහතා කල පටන් සිය පවුලේ අය සමග බ්‍රිතාන්‍යයේ ජීවත්වන අතර  ඔහු. එරට එන්ෆීල්ඩ් සහ  එඩ්මන්ටන් බෞද්ධ විහාරස්ථාන  පංසලෙ ප්‍රදාන දායකයෙකු ලෙසින්ද කටයුතු කළ බැව් සදහන් වේ.

මීට දින කිහිපයකට පෙර ගාල්ලගේ මහතා  වයිරසය අසාදිතව බව වෛද්‍ය පරිකෂනයෙන් තහවුරැ විමෙන් පසු පවුලේ අයගෙන් වෙන්ව  නිරෝධායනය වෙමින් සිටයදී   ඔහුට උන තත්වය වර්දනය වි හුස්ම ගැනිමෙ අපහසු තාවය ඇති විමෙන් තිබූ බවද පැවසේ.

ඔහු විසින් බ්‍රිතාන්‍ය  වෛද්‍ය සේවය අමතා කිහිප අවසථාවකදීම ප්‍රතිකාර ලබා දෙන්නැයි  ඉල්ලා සිට ඇති අතර එම සෙවය විසින් ඔබට අමාරැවක් නැ හුමාලය අල්වා , උණු ජලය පානය කරන ලෙසට උපදෙස් ලබා දී සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවද එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

මේවන විට එරට වෙසෙන බොහෝ ලාංකිකයින් පිරිසක් ලංකාදීපයට පැවසූයේ  එරට පවතින නීතිය අනුව  දී යම් අයෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහු රෝහලට පැමිනීම අනවශ්‍ය වන අතර 999 යන එරට සෞඛ්‍ය සේවය ( එන්.එච්.එස්.) හි කොවිඩ් 19 කණ්ඩායම අමතා ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ලබා ගත යුතු බවය , නමුත් මෙම වයිරසය නිසා ඇතිවන සංකූලතා එකිනෙකට වෙනස් හෙයින් රෝහලගත නොකිරීමෙන් යම අවදානමක් රෝගීන්⁣ෙ පවතින බවද එම ලාංකිකයෝ පෙන්වා දෙති.

මෙම නීති හා රෙගුලාසි හේතුවෙන් වයිරසය ආසාදනය වූ ලාංකිකයින් කිහිපදෙනෙකුම සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයේ නිරත වන බව එම ලාංකිකයෝ කියා සිටිති.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS