බ්ලැක්ලිස්ට් කිරීමේ අවදානමක්



යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ පසුගිය 7 වැනිදා මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකින් පසුව ශ්‍රී ලංකාවද මෙම මුදල් විශුද්ධිකරණ අසාදු ගත රටවල් වල ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා  ටි්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ යන රටවල්  අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා ඇත.මෙම ලැයිස්තුව සැකසීමේදී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කොමිසම අතර දිගු කාලයක සිට මතභේදයක් පැවති බවද සඳහන් වේ.

යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්ද 357 ක් ලැබී ඇති අතර, ඊට විරුද්ධව ලැබී ඇති  ඡන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීමට සහභාගි වී නොසිටිය බවද යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS