බලපත‍්‍ර නැති රැකියා ඒජන්සියක් අල්ලයි



විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බලපත‍්‍ර ලබා නොගෙන මහා පරිමාණයෙන් කරගෙන ගිය ව්‍යාජ රැකියා ඒජන්සියක් වැටලීමට කාර්යංශයේ විමර්ශන ඒකකය සමත්වී ඇත. 

කුඩාවැව, පහළ කුඩාවැව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ ඒජන්සිය පිළිබද කාර්යාංශයේ මාධ්‍ය ඒකකයට ලද තොරතුරක් මත විදේශ රැුකියා අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කර ඇත්තේ උපාය දුතයෙකු යොදවා ගනිමිනි. 
කුවේට් රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා රු.50,000 ක් සමග තමන් හමුවීමට සිය නිවසට පැමිණෙන ලෙස සැකකරු උපාය දුතයාට දන්වා තිබේ. 

ඒ අනුව 2017.03.13 දින සවස 6.30ට පමණ සැකකරුගේ නිවසට ගිය විමර්ශන නිළධාරීන් නිවස වටලා එහිදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලද අතර නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ගුවන් බලපත‍්‍ර ඡුායාපිටපත් 120, ගුවන් ගමන් බලපත‍්‍ර 10ක්, විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයගේ උප්පැන්න සහතික හා රැුකියා අයදුම්පත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සොයා ගන්නා ලදැයි කාර්යංශයේ  විශේෂ විමර්ශන ඒකකය කියයි. 

ඔහු විසින් කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙන අතර, කුවේට් රාජ්‍යයේ උසස් රැුකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර තිබේ. මොහුට ශ‍්‍රමිකයින් විදේශ ගතකිරීමට අවශ්‍ය රැුකියා බලපත‍්‍රයක් නොමැති අතර නීතිවිරෝධී ලෙස මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. 

සැකකරු මාර්තු මස 14 දින මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර, මාර්තු මස 20 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, ශ‍්‍රමිකයින් විදේශ ගතකිරීමට නම් කාර්යාංශයේ වලංගු රැකියා බලපත‍්‍රයක් තිබිය යුතු බවත්, මෙවැනි ව්‍යාජ තොරතුරු සපයමින් මුදල් වංචා කරන පුද්ගලයින්ට නොරැුවටෙන ලෙසයි. 

මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කරන ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. මෙවැනි වංචනික පුද්ගලයින් වෙනුවෙන් නීතිය උපරිම වශයෙන් කි‍්‍රයාත්මක කරන බවත්, කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන වැටලීම් පුළුල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. 

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්‍ෂක එම්.ඒ.එස්.ජේ.අබේධීර, පොලිස් පරීක්‍ෂක ඩබ්. බාලසූරිය, පොලිස් සැරයන් එස්.ජේ.පී.රවීන්ද්‍ර, කාර්යාංශ නිලධාරී, උදය කුමාර හා කාර්යාංශ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‍ෂ, ශක්ති මුණසිංහ යන මහත්වරුන් එක්වූහ. 

 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS