බයිඩන්ට සුබ පැතුම්



තියුණු සටනකින් පසු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් ට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජෝ බයිඩන් මහතාටත් කමලා හැරිස් මහත්මියටත් සුබ පැතුම් එක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

‘‘තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතාටත් තේරී පත්වූ උප ජනාධිපති කමලා හැරිස් මහත්මියටත් මා ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආණ්ඩුව වෙනුවෙන් උණුසුම් පැතුම් පළ කරනවා. වඩාත් ශක්තිමත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙනෙන සහභාගීත්වයක් මිත්‍රත්වයක් උදෙසා එකමුතුව වැඩ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතා, ඔබේ ඓතිහාසික ජයග්‍රහණයට සුබ පැතුම්. අප දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා’’.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ද ජෝ බයිඩන් මහතාට සහ කමලා හැරිස් මහත්මියට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS