බදු අය කිරීම සාධාරණද ?



මැදපෙරදිග බැල මෙහෙ කරල මුදල් එවන අය ගේ මුදල්වලිනුත් මේ ආණ්ඩුව බදු අයකිරීම කොයිතරම් සාධාරණ ද කියා සිතිය යුතුයැයි ඒකාබද්ධ  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

විදේශවල රැකියා  කරන ශ්‍රී ලාංකිකයන්ට මෙසේ බදු ගෙවන්නට සිදුවෙද්දී යුරෝපයේ රැකියා කරන මුදල් එවීම තබා ආපසු රටට එන එක පවා නවත්වාවි යැයි ද ජයකොඩි මහතා පැවැසීය.

මේ වගේ අසාධාරණ බදු යෝජනා ඇති ගැසට් පත්‍රය වහා අහෝසි කරන්න කියා අපි ජනාධිපතිතවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පුංචි බොරුල්ල වජිරාශ්‍රමයේ ඊයේ (01) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS