පුහුණුව ලැබූ පිරිස ඊශ්‍රායලයට



ඊශ්‍රායලයේ සාත්තු සෙවිකාවන් ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුකත් කාර්යංශය මඟින් පුහුණු කළ පළමු කණ්ඩායම අද (2) පිටත්ව ගියහ.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර අස්සන් කරන ලද එකඟතාවක් අනුව මෙම සාත්තු සේවිකාවන් පුහුණු කොට එරට රැකියාවන් සඳහා යැවීම ආරම්භ විය.

මෙම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතිය ලෙස මෙම කණ්ඩායම යවන බවත් ඊට සාත්තු සේවිකාවන් අට දෙනෙකු අයත් වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඊශ්‍රායලය හොඳ රැකියා වෙළඳ පොලක් බව කී එම නිලධාරියා එරටට පුහුණු ශ්‍රමිකයන් යැවීමට බලාපොරොත්තු වන  බව ද කීවේය. සාත්තු සේවිකාවකගේ වැටුප රුපියල් 165000 ක් පමණ වන බව ත් මෙම වෙළඳ පොල ඉහළ වැටුප් සහිතවන බවත් හෙතෙම පැවැසීය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS