පීඩාවට පත් ලාංකිකයින්ට ආධාර



ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ  ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන ලුලූ සමූහ ව්‍යාපාරය විසින් ඩිරාම් තුන් ලක්ෂ හැට හත් දහසක (ඇමෙරිකා ඩොලර් ලක්ෂයක මුදලක් ) මූල්‍යාධාරයක් මෙරටට පිරිනමා ඇත.

මෙම මූල්‍යාධාරය ලුලූ සමූහ ව්‍යාපාරයේ සභාපති යූසූෆ් අලි මා මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ශ්‍රී ලංකා තානාපති එස්.ජේ මොහිදීන් මහතා වෙත පිරිනැමීම අබුඩාබි අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඉකුත් සතියේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ලුලූ සමූහ ව්‍යාපාරයේ සභාපති යූසූෆ් අලි මා මහතා කියා සිටියේ ලොව පුරා සිටින අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් උදව් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැමවිටම සැදී පැහැදී සිටින බවය.ඒ  වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ජනපති ෂෙයික් කලීෆා බින් සයේඩ් අල් නයාන් කුමරු ගේ සංකල්පයකට මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිත්‍යාගශීලීන්ගේ වසර වෙනුවෙන් අසරණභාවයට පත්ව සිටින මෙවැනි ජනතාව වෙනුවෙන් හැමවිමට උපකාර කිරීම තම සමාගම බලාපොරොත්තු වන බවද ලුලූ සමාගම් සභාපතිවරයා කියා සිටියේය.

එක්සත් අරාබි එමීරය මුලික කර ගත් ලුලූ සමූහ ව්‍යාපාරය මැදපෙරදිග රටවල් රැසක් සුපිරි වෙළඳසැල් ජාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් ඉකුත් මාසයේ සිටි ශ්‍රී ලංකාවේද සිය මෙහෙයුම් කටයුතු අරඹන ලදී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS