පැළ සිටුවන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක් වෙයි



විල්පත්තු වන රක්ෂිතය සුරැකීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යන නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියට දායකත්වයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මහරගම ශාඛාව ද එක් වී සිටී.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මහරගම ශාඛාවේ කළමණාකාරතුමිය ඇතුළු කාර්යය මණ්ඩලය විසින් එම රක්ෂිතයේ රෝපණය කිරීමට සුදුසු වියළි කලාපීය පැළ 500 කට අධික ප්‍රමාණයක් පනාගොඩ යුධ හමුදා කඳවුරේ මේජර් තුෂාර පෙරේරා මහතා වෙත ජූලි මස 01 දින පරිත්‍යාග කරන ලදී.මෙම සමාජ මෙහෙවරට දායකත්වය ලබා දුන් සැමට මහරගම ශාඛාවේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.


RECOMMEND POSTS