පැමිණිලි අඩුවෙලා



තම සේවා ස්ථාන වල ගැටලු හා වෙනත් දුෂ්කරතා සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් ඉදිරිපත් කරන පැමිණිලි සංඛ්‍යාව මේ වසරේදී  අඩුවීමක් ඇතැයි  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමාන් ජේ.මොහිදීන් මහතා කියා සිටී.

ඒ අනුව දෙවසරකට පෙර අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පවත්වා ගෙන යන සුරක්ෂා නිවසේ ලාංකික ගෘහසේවිකාවන් 30 කට අධික පිරිසක් සිටි අතර මේ වන විට එම සංඛ්‍යාව පහක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටී.

පසුගිය වසර කිහිපයේදී සිය සේවා ස්ථාන වලින් පෙරොන්දු වූ පරදි වැටුප් නොලැබීම් , හාම්පුතුන්ගේ විවිධ හිරහැරයන්ට ලක්ව ආදී ගැටලු රැසක් හේතුවෙන් ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් කිහිපදෙනෙකුම රැකවල් පතා මෙම සුරක්ෂා නිවස වෙත පැමිණි බවද පෙන්වා දුන් ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේ මේවසරේදී එලෙස ලැබෙන පැමිණිලි අඩුවී ඇති බවය.

විශේෂයෙන්ම හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයන්ට ලක්වීම් සම්බන්ධයෙන් ලාංකික කතුන්ගෙන් තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ අඩුවී ඇතැයිද සුලෙයිමාන් ජේ.මොහිදීන් මහතා කීය.

මේවනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 175,000 ක් පමණ එරට විවිධ රැකියාවන්හි නිරතව සිටින අතර ඔවුන් ඉකුත් වසරේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.2ක විදේශ විනිමයක් මෙරට එවා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS