ප්‍රතිලාභ නොගෙන ආපසු එනවා



කොරියාවේ සේවය කර සේවා කාලය අවසන්ව යළි මව්රටට පැමිණෙන බොහෝ දෙනෙක් එහි දී ලැබෙන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ මුදල් ලබානොගෙන ආපසු පැමිණෙන බව කොරියානු මානව සම්පත් සංවර්ධන අංශයේ ශ්‍රී ලංකා නියෝජිත  කිම් වොන් සොන් මහතා ප්‍රකාශ කළේය.

එරට සේවය කරන විදේශිකයන් පිටත්වීම සහතික කරන රක්ෂණය, ඇපකරු රක්ෂණය, ආපසු යාමේ වියදම් රක්ෂණය හා හදිසි අනතුරු රක්ෂණය යන රක්ෂණාවරණ හතරකින් ආවරණය වන අතර එයින් දෙකක ප්‍රතිලාභ ලබානොගෙන ආපසු පැමිණෙන බව ද හෙතෙම කියා සිටියේය.

එසේ ප්‍රතිලාභ ලබාගත හැක්කේ පිටත්වීම සහතික කරන රක්ෂණය හා ආපසු යාමේ වියදම් රක්ෂණය යන රක්ෂණාවරණ දෙකය. ඒවා ආපසු පැමිණීමේ දී එරට ගුවන් තොටුපලේ දී ආපසු ලබාගත හැකිය.
එසේ  ප්‍රතිලාභ ලබානොගත් අය ඒ සඳහා වන අයදුම්පත් කොරියානු මානව සම්පත් සංවර්ධන අංශයේ කාර්යාලය වෙත ඉදිරිපත් කරන්නැයි ඔහු කොරියාවේ සිට ආපසු පැමිනි ශ්‍රී  ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS