ප්‍රතිඵල නිකුත් කිරීමේ අවුලක්



පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සකසා තිබූ තාක්ෂණික යාන්ත්‍රණයේ ගැටළුකාරී තත්ත්වයක් මතුවීම හේතුවෙන්  මැතිවරණ කොමිසම දැඩි දුෂ්කරතාවකට පත්වුණු බව වාර්තා වේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහජනතාවගෙන් සමාව ඉල්ලමින් විශේෂ නිවේදනයක් ද නිකුත් කර ඇත.

ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සඳහා යාන්ත්‍රණයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරිදි අදාළ දත්ත නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වුණැයි සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම දන්වා ඇත.

බිගුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS