ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගරු කරන්න



ප්‍රජාතන්ත්‍රවාදී  පාලනයට ගරු කරන්නැයි  ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව ඉල්ලා සිටී.

නියෝජිත එලියට් එංගල්ගේ මුලිකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබද කමිටුව ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එම කමිටුව පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිලිබදව සිය අවධානය යොමු කරන අතර ප්‍රජාතන්තවාදී  සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙස රජයෙන් ඉල්ලා  සිටීන බවය.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබද කමිටුවේ මෙම ස්ථාවරය ගැන එම කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියකින් දන්වා ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS