නීති විරෝධී ලාංකිකයෙකු අත්අඩංගුවට



නීති විරෝධී අන්දමින් කුවේට් රාජ්‍යයට  ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

අදාළ ශ්‍රී ලාංකිකයාගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී නීති විරෝධීව එරට රැදී සිට ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

මොහු  මීට පෙර කුවේට් හි රැදී සිටි අයෙකු වන අතර ඔහු මීට වසරකට පෙර එරටින් පිටත්ව ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අනාවරණය කර තිබේ.

ඒ අනුව නීති විරෝධීව කුවේටයට ඇතුළු වීමේ චෝදනා මත එම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS