නිශාන්තිනි යළි දිවයිනට



දාහතර හැවිරිදි වියේ දී විදේශ ගතවී වසර 15 ක් තිස්සේ කිසිදු වැටුපක් නොලැබ සෞදියේ වහල් මෙහෙයේ යෙදුණු ඥානප්‍රගාශම් නිශාන්තිනි ඊයේ (26) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව සිටියාය.

ඉතිහාසයේ වැඩිම මුදලක් හිඟ වැටුප් ලෙස ඇයට වෙනුවෙන් ලබා ගැනීමට හැකි වී ඇති අතර එය රුපියල් හතලිස් හය ලක්ෂයකට ආසන්න මුදලකි.

විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ගේ මැදිහත් වීම මත සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන හිඟ වැටුප් ලබා ගැනීමට සමත්ව තිබේ.

1986 නොවැම්බරයේ උපත ලබා ඇති ඇය 2000 වසරේ දී ලියාපදිංචියකින් තොරව ව්‍යාජ ලේඛන පෙන්වා විදේශ ගත වී තිබේ.  වසර 15 දිම එකම නිවසක සේවය කර ඇති අතර මුළු කාලය තුළම කිසිදු වැටුපක් ලබා නොමැත. 

2015 වසරේ ඇය සේවයකළ නිවසින් පැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුභසාධක මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඇය පිළිබඳ තොරතුරු දැන ගත් විදේශ රැකියා ඇමතිනී තළතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා සෞදියේ කම්කරු අමාත්‍යංශයට කළ පැමිණිල්ලක් මත මෙම හිඟ වැටුප ලබාගැනීමට හැකිවී තිබේ.

ඇය සේවයකළ නිවසේ හිමිකරුට එරෙහිව එරට රජය මේ වන විට නීතිමය ක්‍රීයාමාර්ග ගෙන  තිබේ. ඇය මේවනවිට තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින අතර ඉක්මණින්ම මෙරටට ගෙන්වා ගන්නා බව කාර්යංශය කියයි.

ඇගේ බාල සොයුරා සහ මව මඩකලපුව එරාවුර්හි ජීවත්වන අතර පියා මේ වනවිට මිය ගොසිනි.

විනතා එම්. ගමගේ


RECOMMEND POSTS