නිව්යෝක් නීතිපති ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලාංකික සම්භවයකින් යුත්  කාන්තාවක ඇතුලු කාන්තාවන් සිව් දෙනකුට පහර දුන්නේ යැයි  කියන සිද්ධියක් සම්බන්ධෙයන්  තමන්ට එරෙහිව  පරීක්ෂණ පැවැත්වීම නිසා ඇමෙරිකාවේ නිව්යෝක් නීතිපති ජනරාල් එරික් ෂ්නයිඩර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි  ද නිව්යෝක් පුවත්පත වාර්තා කරයි.

ඊයේ (08) දිනයේදී ඔහු මෙම තනතුරින් ඉල්ලා අස් වී ඇත.

මෙලෙස පහරකෑමට ලක්වූ කාන්තාවන් සිව්දෙනා අතර ඔහුගේ පෙම්වතියන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.
පහර කෑමට ලක්වූ කාන්තාවන් ගෙන් එක් අයෙකු ලාංකික සම්භවෙයන් යුතු ටාන්යා සෙල්වරත්නම් නැමැත්තියක වේ. ඇය ඇමෙරිකාවේ  හාවඞ් විශ්වවිද්‍යාලෙය් උපාධිධාරිනියක වේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා තම වෘත්තීය සමඟ සම්බන්ධ නොවුණ ද ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකෙරෙන තුරු තමා ධුරයෙන් ඉවත් වන බව යි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS