නියෝජ්‍ය රාජ්‍ය ලේකම් එයි



අමෙරිකානු එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා ඊයේ  ශ්‍රී ලංකාවට පැමිණියේය.

ෂැනන් මහතා  බංග්ලාදේශ සංචාරය නිමවා දිවයිනට පැමිණි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ෂැනන් මහතා  ඉකුත් 05 වනදා බංග්ලාදේශයේ සංචාරයේ නිරත වූ අතර එහිදී බංග්ලාදේශයේ මතුව ඇති රෝහින්ග්‍යා අර්බුදය ඇතුළු කලාපීය සහ හෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඉන් අනතුරුව දිවයිනට පැමිණි ෂැනන් මහතා මෙරට ඉහල පෙළේ දේශපාලන නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.

මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ  දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මෙරට රාජ්‍ය  නොවන සංවිධාන සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS