නඩු පවරන්න සැරැසෙයි



ලොව පුරා රටවල් රැසක පවතින එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කර ගැනීම සඳහා එම රටවල් හි අධිකරණ හමුවේ නඩු පැවරීමට එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවෝ පිරිසක් සැලසුම් කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

හිටපු එල්.ටී.ටී.ඊ නායකයෙකු හා දෙමළ ඊළාම් සංක්‍රාන්ති ආණ්ඩුවේ නායකයා යැයි පැවසෙන වී. රුද්‍රකුමරන් නැමැත්තා ගේ මූලිකත්වයෙන් යුතු එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් මෙලෙස එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කර ගැනීම කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.ශ්‍රී ලංකාව ,ඇමෙරිකාව , එක්සත් රාජධානය සහ රටවල් 27 ක සාමජිකත්වයෙන් යුතු යුරෝපා සංගමය මේවන එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසින් තහනම් කර  තිබෙන අතර එම තහනම වරින් වර නැවත ලැයිස්තුගත කිරීම ඉකුත් කාලය පුරා සිදු කෙරිණි.

විශේෂයෙන්ම යුරෝපා සංගමයේ සාමාජික රටවල සහ ඇමෙරිකාවේ තුළ එල්.ටී.ටී.ඊය ත්‍රස්ත සංවිධානයක් ලෙසට පවතනි තහනම් ඉවත් කර ගැනීම වෙනුවෙන් රුද්‍රකුමරන් ඇතුළු කොටි හිතවාදීන් එම රටවල් හි ළඟදීම නඩු පැවරීම සැලසුම් කර ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS