දේහය දිවයිනට



සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප්‍රීයන්තා ජයසේකර මහත්මිය ගේ දේහය ඊයේ (17) පෙරවැරවේ මෙරටට ගෙන එනු ලැබුණි.

37 හැවිරිදි ප්‍රියන්තා ජයසේකර මහත්මිය සවුදියේ සේවය කළ නිවසේ හාම්පුතා ගේ පුතකු විසින් මෙම වෙඩි  තැබීම සිදු කර තිබුණේ ඉකුත් මාර්තු 10 වැනිදාය. එම තැනැත්තා මානසික රෝගියෙකු බව වාර්තා විය.

මිය ගිය ප්‍රියන්තා ගේ සිරුර කටුනායක ගෙනෙනු ලැබීමෙන් පසු කාර්යංශයේ නිලධාරින් විසින් ඥාතින් වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

තිදරු මවක වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අප්‍රේල් 25 වැනිදා විදේශ ගතවූ අතර ලියාපදිංචිය ලබා ගෙන නිත්‍යානුකූලව විදේශ ගතවූ අයකු යැයි කාර්යංශය කියයි.

ඇයගේ හිමිකම් වෙනුවෙන් කාර්යංශයත් සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද කාර්යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS