දේශපාලන තත්ත්වය අගය කරනවා



ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්ප්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.

එක්සත් ජනපද රජය වෙනුවෙන් කොළඹ අමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිතුක් කරමින් මේ බව ප්‍රකාශ කළාය.

ඇය එම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ , ශ්‍රී ලංකාව ඉන්දු -පැසිෆික් කලාපයේ වටිනා හවුල්කරුවෙකු බවය.
එබැවින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකානු තනාපතිවරිය සඳහන් කර සිටින්නීය.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලනත් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ  පසුගිය සති කිහිපයේදී මුළු රටටම බලපෑ  පැවති දේශපාලන නොසන්සුන්කාරී තත්ත්වය සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී  ලෙසින් විසඳා ගැනීමට සියලු පක්ෂ වල නියෝජිතයින් , සිවිල් සංවිධාන සාමාජික සහ රටේ පුරවැසියන් ලබා දුන් දායකත්වය අගය කරන බවය.

එසේම ඉදිරියට සියලුම පක්ෂ නියෝජිතයින් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ස්විට්සර්ලනත් තානාපති කාර්යාලය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රටේ ජාතික ප්‍රතිසන්ධානය , ප්‍රජාත්ත්‍රවාදය සහ මානව හිමිකම් යන වැදගත් කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයෙන් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS