දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව



විදේශ ගත ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා 2017 වසර වෙනුවෙන් රුපියල් ලක්ෂ 570 ක් (රු. 56,995,000/-) ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ශ්‍රී ලංකා සේවා නියුක්ති කාර්යංශය කියයි.

විදේශ ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 2885 දෙනෙක් වෙනුවෙන් මෙම මුදලින් ශ්‍රෂ්‍යත්ව පිරිනැමෙන බව ද කාර්යංශය පවසයි.

මේ වසරේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අනුව 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 869 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.15,000 බැඟින් රුපියල් .13,035,000 ද, අ.පො.ස(සා/පෙළ) සමත් දරුවන් 1652 දෙනෙකු එක් අයෙකුට රු.20,000 බැඟින්  රුපියල් රු. 33,040,000 ද, අ.පො.ස (උ/පෙළ) සමත්වී විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් 364 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.30,000 බැඟින්  රුපියල් රු 10,920,000 ද, 2017 වර්ශය වෙනුවෙන් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇතැයි එම  නිලධාරියා කීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කා්රයාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වූ විගමනික දෙමාපියන්ගේ, දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහාය වීමක් හා සුභසාධන කටයුත්තක් ලෙසත්, විගමනික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වේ.
 තම මව හෝ පියා විදේශ රැකියාවක නිරත වී සිටින කාලය තුල, මෙරට සිටින තම දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින්, ඒ සඳහා මූල්‍ය සහයක් ලබා දීම ශිෂ්‍යත්ව වැඩසටහනේ පරමාර්ථයකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්  1996 දී මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත.

මෙවර වැඩිම ශිෂ්‍යත්වලාභී දරුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දරුවන් 307 ක් වශයෙනි.
එසේම මෙවර නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙන් දරුවන් 281 දෙනෙකුද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දරුවන් 295 දෙනෙකුද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දරුවන් 115 දෙනෙකුද වශයෙන් දරුවන් 691 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත. මෙවර වැඩිම ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණයක් වාර්තා වන්නේද නැගෙනහිර පළාතෙන් බව ද හෙතෙම සඳහන් කළේය.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 44 දෙනෙකුද, මොණරාගල දිස්ත්‍රික්කයෙන් දරුවන් 14 දෙනෙකුද වශයෙන් දරුවන් 58 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 189 දෙනෙකුද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් දරුවන් 307 දෙනෙකුද, කලුතර දිස්ත්‍රික්කයෙන් දරුවන් 173 දෙනෙකුද වශයෙන් දරුවන් 669 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් දරුවන් 27 දෙනෙකුද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් දරුවන් 3 දෙනෙකුද, වවිනියාව දිස්ත්‍රික්කයෙන් දරුවන් 4 දෙනෙකුද, කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් දරුවන් 3 දෙනෙකුද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් දරුවන් 1 දෙනෙකුද,  වශයෙන් දරුවන් 38 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

මධ්‍යම පළාතේ නුවර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 231 දෙනෙකුද, මාතලේ දිස්ත්‍රික්කයෙන් දරුවන් 85 දෙනෙකුද, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දරුවන් 42 දෙනෙකුද වශයෙන් දරුවන් 358 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 252 දෙනෙකුද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් දරුවන් 69 දෙනෙකුද, වශයෙන් දරුවන් 321 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 203 දෙනෙකුද, මාතර දිස්ත්‍රික්කයෙන් දරුවන් 74 දෙනෙකුද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දරුවන් 60 දෙනෙකුද වශයෙන් දරුවන් 337 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 113 දෙනෙකුද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දරුවන් 65 දෙනෙකුද, වශයෙන් දරුවන් 178 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යත්වලාභීන් 62 දෙනෙකුද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දරුවන් 173 දෙනෙකුද, වශයෙන් දරුවන් 235 දෙනෙකු ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා ඇත.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS