ද්‍රවිඩ සංසදයෙන් යෝජනාවක්



එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතු බව කොටි හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එම්මානුවෙල් දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම වැනි අසාධාරණ හා අයුක්තිසහගත ක්‍රියා , ශ්‍රී ලංකා රජය විසින් ගනිමින් සිටින බැවින් ජාත්‍යන්තරයද ඊට දැනෙන සුළු විරෝධයක් එල්ල කල යුතු බවද එම සංසදය එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ඊට මුලික පියවරක් ලෙස තමන්ද ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වන බවද ගෝලීය ද්‍රවිධ සංසදය කියා සිටී.

එැබවින් ලංකාවට ලබාදී ඇති වෙළඳ හා බදු සහන ඉවත්කරගැනීමට ජාත්යන්තරය කටයුතු කල යුතු බවත් , අන්තර් රාජ්‍ය මිලිටරි සහයෝගීතාවයන් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කරවා ගැනීම පිළිබඳවද ජාත්‍යන්තර සිතා බැලිය යුතු බව එම සංසදය සිය නිවේදනයෙන් පෙන්වා දේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS