තොරතුරක් නෑ



ලෙබනන් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ රඹුක්කන, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිලාගේ රේණුකා වනසිංහ නැමැති අය සම්බන්ධයෙනි.

රේණුකා වනසිංහ මහත්මිය 2005 වසරේ ජනවාරි මස 08 වන දින ලෙබනනය බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව  ද කාර්යංශය කියයි.

මෙම කාන්තාව පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS